උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් වලත් හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවලත් උෂ්ණතවය ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම උණුසුම් සහිත කාලගුණ තත්ත්වය නිරිත දිග මෝසම ආරම්භ වන තෙක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව එළැඹෙන 20 වනදාත් 25 වනදාත් අතර කාලයේදී නිරිත දිග මෝසම සක්‍රීය වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
(colombotimes.lk)