12 July 2025

logo

වව්නියාවේදී පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්



වව්නියාව කූමාංකුලම් මත්පැන්හළක් ආසන්නයේදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විසින් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් ලුහුබැඳ ගොස් නතර කිරීමට උත්සාහ කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ එහිදී පළාගිය යතුරුපැදිය පෙරළීමෙන් එහි ගමන්ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇති බවයි. 

මෙම සිද්ධිය ඊයේ (11) රාත්‍රියේදී සිදු වී තිබෙනවා.

සිද්ධියත් සමඟ ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබෙන අතර පොලීසිය සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙලෙස මියගොස් ඇත්තේ කූමාංකුලම් ප්‍රදේශයේ පදිංචි රාමසාමි ඇන්තෝනිපිල්ලේ නමැති 58 හැවිරිදි පුද්ගලයෙක්. 

මෙම මරණය අනතුරක් නොව ඝාතනයක් බැවින් අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත යුතු බවට ප්‍රදේශවාසීන් චෝදනා කර තිබෙනවා. 

(colombotimes.lk)