13 December 2025

logo

මියගිය ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයා යළි උපදියි



හීත් ස්ට්‍රීක්ගේ අභාවය පිළිබඳ පිළිබඳව පුවත අසත්‍යයක් බව තහවුරු කර තිබෙනවා. 

ඒ හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක හෙන්රි ඔලොංගා විසින්. 
 
X හරහා තමා මා විසින්ම කරන ලද හෙළිදරව්වට ප්‍රතිචාර ලෙස ඔහු හීත් ස්ට්‍රීක් ජීවතුන් අතර සිටින බවයි කියා සිටියේ. 
 
 
ඒ අනුව අද (23 බදාදා) අළුත් X පණිවුඩයක් නිකුත් කරමින් ඔලොන්ගා කියා සිටියේ ස්ට්‍රීක්ගේ මරණය පිළිබඳ පුවත කටකතාවක් පමණක් බවයි. 
 
“හීත් ස්ට්‍රීක්ගේ අභාවය පිළිබඳ කටකතා අතිශයෝක්තියට නංවා ඇති බව මට තහවුරු කළ හැකිය. මම ඔහුගෙන් ඇසුවෙමි. තෙවැනි විනිසුරු ඔහුව නැවත කැඳවා ඇත. ඔහු බොහෝ සෙයින් ජීවතුන් අතර, ”ඔලොන්ගාගේ නව X පණිවිඩයේ දක්වා තිබෙනවා.
 
කෙසේවෙතත් ප්‍රවීණ ක්‍රීඩක ෂෝන් විලියම්ස් විසින් හීත් ස්ට්‍රීක්ගේ අභාවය පිළිබඳ කණගාටුව පළකරමින් නිකුත් කළ X පණිවිඩයක්ද අන්තර්ජාලයේ හුවමාරු වනු දක්නට පුළුවන්.