16 December 2025

logo

හිටපු ක්‍රිකට් නායකයෙකු දිවියෙන් සමුගනියි



සිම්බාබ්වේ හිටපු නායක හීත් ස්ට්‍රීක් වයස අවුරුදු 49 දී අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

තුන් ඉරියව් ක්‍රීඩකයා ඊයේ පිළිකාව සමඟ කළ සටනින් පරාජය වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 
 
ස්ට්‍රීක් යනු 1990 සහ 2000 දශකයේ මුල් භාගයේදී සිම්බාබ්වේ හි වඩාත්ම කීර්තිමත් ක්‍රීඩා චරිතයක්. 
 
ඔහු සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 65කදී සහ එක්දින තරග 189කදී සිය රට වෙනුවෙන් ලකුණු 4,933ක් සහ කඩුලු 455ක් දවා ගැනීමට සමත් ව සිටියා. 
 
2005 දී විශ්‍රාම ගැනීමෙන් පසු, ඔහු බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ කොල්කටා නයිට් රයිඩර්ස් ඇතුළු දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායම් කිහිපයක් සඳහා පුහුණුකරු භූමිකාවන්හි සේවය කළා.
(colombotimes.lk)