06 February 2026

logo

ප්‍රදේශ කිහිපයකට තද වැසි



දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

එම නිවේදනයේ සඳහන් වන්නේ සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (12) පස්වරු 1.00න් පමණ පසු මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇතිවන බවයි.

එමෙන්ම අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

(colombotimes.lk)