06 February 2026

logo

ප්‍රදේශ රැසකට තද වැසි



දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට අද (19) තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

(colombotimes.lk)