06 February 2026

logo

ප්‍රදේශ රැසකට තද වැසි



දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තද වැසි ඇති විය හැකියි.

(colombotimes.lk)