16 July 2025

logo

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී තද වැසි



දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර, පුත්තලම සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැකියි.

තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවට දැනුම්දී තිබෙනවා.

(colomnotimes.lk)