06 July 2025

logo

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී තද වැසි



දිවයිනේ බොහෝ ස්ථානවල අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර පළාතේ සහ පුත්තලම, මන්නාරම, යාපනය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරුමැද යන පළාත්වල සහ වවුනියාව, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)