02 July 2025

logo

මිලිමීටර් 75 ඉක්මවූ ගිගුරුම් සහිත තද වැසි



බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක හෙට (27) පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)