06 February 2026

logo

ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි



ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
 
ඒ අනුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකියි. 

(colombotimes.lk)