18 October 2025

logo

වර්ෂාවෙන් පාකිස්ථානයට දැඩි බලපෑම්



මෝසම් වැසි හේතුවෙන් පාකිස්ථානයේ ප්‍රාන්ත කිහිපයකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. 

ඉකුත් ජුනි මස සිට ඇදහැලෙන වැසි හේතුවෙන් පාකිස්ථානය තුළ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 76 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
පන්ජාබ් හා කයිබර් පක්තුන්ක්වා යන ප්‍රාන්ත සඳහා වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්. 
 
පන්ජාබ් ප්‍රාන්තයට ඉකුත් ඉරිදා දිනයේ ද නොනවත්වා වැසි ඇදහැලුනු අතර ඒ හමුවේ මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා. 
 
දැඩි වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල මාර්ගවල එක් රැස්ව ඇති ජලය බැස නොයාම හේතුවෙන් සෞඛ්‍ය ගැටළු හා රෝග ව්‍යාප්තවීමේ අවධානමක් ද මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)