26 May 2026

logo

පළාත් රැසකට පස්වරුවේ ප්‍රබල අකුණු සමඟ තද වැසි



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල සවස 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇති වන තාවකලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතවගෙන් ඉල්ලා සිටිනවා.



(colombotimes.lk)