17 March 2025


මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි



මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (17) පැයක පමණ කාලයක් ගිගුරුම් සහිත වැසි ඇති වී තිබෙනවා.

Colombo Times අප වාර්තාකරු සඳහන් කළේ හැටන්, නෝර්වුඩ් සහ බගවන්තලාව යන ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇදහැළුණු බවයි.

පසුගිය මාස කිහිපය තුළ එම ප්‍රදේශවල පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍ර ද සිදීයාම හේතුවෙන් ජල ගැටලුවක්ද මතු වී තිබෙනවා.   

(colombotimes.lk)