23 May 2025


අද ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න



ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ පෑලියගොඩ, වත්තල, ජා - ඇල, කටුනායක, සීදුව නගර සභා බලප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

 
(colombotimes.lk)