24 May 2025


බැසිල්ට එරෙහි නඩුවකට නියෝගයක්



මාතර බුවුන්සිල් ප්‍රදේශයේ අක්කර 1.5ක ඉඩමක් මිලියන 50ක් යොදවා මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව අද (23) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබෙනවා.

එහිදී බැසිල් රාජපක්ෂ අසනීපව විදේශගතව සිටින බව ඔහුගේ නීතිඥවරුන් අධිකරණය වෙත දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ නඩුව නොවැම්බර් 21වනදා තෙක් කල් තැබීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාන් අරුණ බුද්ධදාස නියෝග කළා.

(colombotimes.lk)