11 January 2026

logo

ගැඹුරු පීඩන අවපාතය ගැන නවතම නිවේදනය මෙන්න



නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (10) අලුයම 4.00 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය වයඹ දෙසට ගමන් කර අද අලුයම 5.30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.
 
දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බවත් උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 



(colombotimes.lk)