10 January 2026

logo

ගැඹුරු පීඩන අවපාතය ගැන නවතම කාලගුණ අනාවැකිය මෙන්න



නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හෙට (10) සවස් කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි. 

එමෙන්ම ගැඹුරු පීඩන අවපාතය අද (09) සවස 1.00 පමණ වන විට මඩකලපුවේ සිට කිලෝමීටර් 160ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබුණා.



(colombotimes.lk)