31 May 2026

logo

අර්ෂ්දීප්ගේ ක්‍රියාවට ICCයෙන් ලැබුණු දඬුවම මෙන්න



2026 T30 ලෝක කුසලානයේ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් මහා තරගයේදී ICC ආචාර ධර්ම පද්ධතියේ 1 වන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිංට ඔහුගේ තරග ගාස්තුවෙන් 15%ක දඩයක් නියම කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ අර්ෂ්දීප් සිංට එක් දඬුවම් ලකුණක්ද නියම කර ඇති බවයි.

'ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රීඩකයෙක් වෙත පන්දුව විසි කිරීම' සම්බන්ධ ආචාර ධර්ම පද්ධතියේ 2.9 වගන්තිය ඔහු උල්ලංඝනය කර ඇති බව සොයා ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සිදු වුණේ නවසීලන්තය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 256ක ඉලක්කයක් හඹා යමින් සිටියදීයි.

එහිදී 11 වන පන්දු වාරයේදී අර්ෂ්දීප් පන්දුව කඩුල්ල දෙසට විසි කළ අතර එය පිතිකරණයේ යෙදී සිටි ඩැරල් මිචෙල්ගේ පා ආවරණයේ මත වැදුණා.

කෙසේ වෙතත් අර්ෂ්දීප් වහාම සමාව අයැදීමකින් තොරව සිටීමට කටයුතු කළා.

(COLOMBOTIMES.LK)