20 May 2026

logo

2026 වර්ෂයේ පළමු කාර්තුවේ බදු ආදායම මෙන්න



2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 606,002ක බදු ආදායමක් රැස්කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය 2025 වසරේ පළමු කාර්තුව හා සංසන්දනය කිරීමේදී සියයට 17.7ක වර්ධනයක් බවයි.

මෙම ආදායම සඳහා ආදායම් බද්ද, එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇතුළුව සියලුම බදු සිය දායකත්වය ලබාදී ඇති අතර 2026 වසරේ ඉලක්කගත බදු ආදායමෙන් 25%ක් පළමු කාර්තුව තුළදී රැස්කරගෙන තිබීමත් විශේෂත්වයක් වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)