22 January 2025


ශූරයන්ගේ කුසලානය ගැන ICC රැස්වීමේදී සිදු වුණ දේ මෙන්න



පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත 2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාව එරට සංචාරය නොකිරීමට තීරණය කිරීමත් සමඟ මතුව ඇති ගැටලු සහගත තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා ඊයේ (29) පැවැති ICC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම අවසන් එකඟතාවයකින් තොරව නිමා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවති මෙම රැස්වීම මිනිත්තු 15කට පමණ සීමා වී තිබූ බවයි.

තරගාවලිය දෙමුහුන් ක්‍රමවේදය යටතේ පැවැත්විය යුතු බව ඉන්දියාවේ මතය වුවත් පාකිස්ථානය ඊට විරෝධය පළ කර තිබෙනවා.

2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය එළඹෙන පෙබරවාරි සහ මාර්තු මාසවලදී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හේතුවෙන් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මෙතෙක් නොහැකි වී තිබෙනවා.

(colombotimes.lk)