වසර තුනකට පසු මෙරට වැඩිම ඩෙංගු රෝගීන් ගණන වාර්තා වෙයි



2023 වසරේ මුල් මාස එකොළහ තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පසුගිය වසර තුන තුළ වාර්තා වූ ඉහළම ආසාදන මට්ටමට ළඟා වී තිබෙන බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා. 

ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව 2020, 2021 සහ 2022 වසර සඳහා වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව පිළිවෙලින් 31,139 සහ 35,054ක් සහ 76,467ක් වනවා. 
 
දෙසැම්බර් 05 වන විට, 2023 වසරේ මුළු රෝගීන් 78,022 ක් වාර්තා වී ඇති තිබෙනවා. 
 
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය 16,509 ක්. බස්නාහිර පළාතෙන් රෝගීන් 36,480ක් ලියාපදිංචි වී ඇති අතර එය පළාත අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව වනවා. 
 
එය මුළු රෝගීන්ගෙන් සියයට 47කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. 
 
මේ අතර ශ්‍රී ලංකාවෙන් ඩෙංගු මරණ 46ක් වාර්තා වී තිබෙනවා.
(colombotimes.lk)