ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ කොළඹ - හොරණ මාර්ගයේ පිරිවෙන හන්දිය අසලදීයි.
අදාළ අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 19ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචි තරුණයක්.
(colombotimes.lk)
