04 February 2026

logo

ඓතිහාසික ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව අද ඇරඹෙයි



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ අද (04) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.  

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට වැඩම කරන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත අද (04) වැඩම කරවීමට නියමිතයි. 

ඒ අනුව ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව හෙට (05) සිට පෙබරවාරි 11වනදා දක්වා දින 7ක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. 

(colombotimes.lk)