03 November 2025

logo

මාරක අනතුරක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට



කිතුල්ගල දෙස සිට හැටන් දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. 

ඒ කිතුල්ගල පොලිස් වසමේ හැටන් කිතුල්ගල මාර්ගයේ 39වන කිලෝමීටර් කණුව අසලදීයි.

පොලීසිය සඳහන් කළේ එම අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. 

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා තැලිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු‍ 44ක් වූ කිතුල්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

(colombotimes.lk)