03 July 2025

logo

ඊජිප්තු රතු මුහුදේ බිහිසුණු සබ්මැරීන අනතුරක්



ඊජිප්තු රතු මුහුදේ සංචාරකයන් රැගත් සබ්මැරීනයක් අනතුරකට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුරෙන් පුද්ගලයන් 06දෙනෙක් මියගොස් ඇති බවයි.

එහි සිටි පුද්ගලයන් 44දෙනෙක් බේරා ගෙන ඇති අතර මිය ගිය සියලුදෙනා රුසියානු ජාතිකයන් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩලය හා සංචාරකයන් 50දෙනෙක් සබ්මැරීනය තුළ සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර ඊජිප්තුවේ හර්ගාඩා වෙරළට කිලෝමීටරයක් ​​පමණ ඔබ්බෙන් වූ මුහුදේදී සිදු වී තිබෙනවා.

(colombotimes.lk)