01. සීනිමෝදර මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් කොටුවෙයි
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ 03ක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්.
'බෙලිඅත්තේ සනා' නැමති මෙම අපරාධකරු ඊයේ (01) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔහු මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් වන 'භූමිතෙලා' නැමැත්තාගේ සමීපතමයෙක් බවයි.
විදෙස් රටක සිට මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබුණු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක්, ලොරි රථ 03ක තිබී තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
02. Fitch Ratings ආයතනයෙන් විශේෂ සහතිකයක්
Fitch Ratings ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිය 'CCC+' ලෙස තහවුරු කර තිබෙනවා.
එම ආයතනය සඳහන් කළේ එක්සත් ජනපදයේ තීරුබදු තිබියදීත් බාහිර මූල්‍ය තත්ත්වය ස්ථාවරව පවතින බවත්, ආර්ථික වර්ධනය නැවත ආරම්භ වෙමින් පවතින බවයි.
එමෙන්ම 2024 වසරේදී ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළද ශ්‍රී ලංකාවේ 'CCC+' ස්වෛරී ශ්‍රේණිය තවදුරටත් සීමා වී ඇත්තේ රජයේ ණය මට්ටම ඉහළ යාම සහ ඉහළ පොලී-ආදායම් අනුපාතය හේතුවෙන් බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.
03. අත්අඩංගුවට ගත් මහින්දගේ PSO රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ මේ මස 17වනදා දක්වායි.
04. කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (02) ඒකක 100.49කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එය ඒකක 21,951.79කින් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.46%ක්.
එමෙන්ම එහි පිරිවැටුප රුපියල් බිලියන 6.5ක් ලෙසයි වාර්තා වන්නේ.
05. ලෝකයේ තරු අතරින් ෂාරුක් ඛාන්ට විශේෂ තැනක්
නවතම වාර්තාවලට අනුව සුපිරි බොලිවුඩ් නළු ෂාරූක් ඛාන් ලෝකයේ Entertainment කාණ්ඩයේ තරු අතර ධනවත්ම පුද්ගලයා බවට පත්වී තිබෙනවා.
ඒ මීට පෙර එම ස්ථානයේ සිටි Taylor Swift අභිබවමින්.
ඒ අනුව ෂාරුක් ඛාන්ගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් ලෙස වාර්තා වන අතර Taylor Swiftගේ ආදායම වාර්තා වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක් ලෙසයි.
06. මාරක අනතුරක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට
අනුරාධපුරේ සිට පාදෙණිය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ පදික මාරුව හරහා ගමන් කළ පුද්ගලයෙක්ගේ ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ මහව පොලිස් වසමේ අනුරාධපුරය පාදෙණිය මාර්ගයේ හන්දියේදීයි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා අඹන්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 71ක් වන කද්දෙහුව අඹන්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ අනතුරට සම්බන්ධව වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.
(colombotimes.lk)