පසුගිය ඉරිදා ඇමෙරිකාව විසින් තම න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහරදීමෙන් පසු ඉරානය මැද පෙරදිග ඇමරිකානු කඳවුරු සහ හමුදා නිලධාරීන්ට පහර දෙන බවට ප්‍රතිඥා දී තිබුණා.
ඒ අනූව කටාර්හී එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ තානාපති කාර්යාල මීට පෙර ප්‍රකාශ නිකුත් කර තිබුණේ කටාර්හි පුරවැසියන්ට නැවත දැනුම්දෙන තුරු ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගන්නා ලෙස නිර්දේශ කරමිනි.
පදිංචිකරුවන්ගේ සහ අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෙන ඇති පියවරවල කොටසක් ලෙස තම ගුවන් අවකාශය තාවකාලිකව වසා දැමූ බව අද (23) පස්වරුවේ කටාරය ප්‍රකාශ කළා.
අල්-උදෙයිද් ගුවන් කඳවුරේ මිසයිල ආරක්ෂක පද්ධති අහසට දියත් වන ආකාරය සහ දෝහා දෙසට ප්‍රහාර එල්ල වන ආකාරයේ එළි නිරීක්ෂණය වී තිබෙනවා.
එමෙන්ම මීට ටික වේලාවකට පෙර දෝහා අගනුවර වටා විශාල පිපිරීම් ඇසුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයන් අල්-උදෙයිද් කඳවුරට ප්‍රහාර එල්ල කළ බව දැන් තහවුරු කළා.
(colombotimes.lk)