18 September 2025

logo

සංචාරකයන්ගේ පැමිණීමේ දැවැන්ත වර්ධනයක්



2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පසුගිය 07වනදා වන විට  1,604,018ක විදෙස් සංචාරකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවයි. 

මේ අතර සැප්තැම්බර් මාසයේ මුල් දින 07 තුළ සංචාරකයන් 37,495ක් මෙරටට පැමිණ තිබෙනවා. 

එමෙන්ම සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයන් 10,171ක් පැමිණ තිබෙන බවයි සඳහන් වන්නේ. 

එක්සත් රාජධානියෙන් 3,033ක්, ජර්මනියෙන් 2,426ක්, ඕස්ට්‍රේලියාවෙන් 1,806ක් සහ චීන ජාතිකයන් 1,803ක් ද සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. 

මේ අතර 2025දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාවෙන් පුද්ගලයන් 335,766ක් ඉන්දියාවෙන් පැමිණ තිබෙන බවයි සඳහන් වන්නේ. 

එමෙන්ම 2025දී එක්සත් රාජධානියෙන් සංචාරකයන් 154,174ක් පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය සඳහන් කළේ රුසියාවෙන් සංචාරකයන් 119,592ක් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. 

(colombotimes.lk)