19 December 2025

logo

2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි කිරුළු දරයි



2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු නම්කර තිබෙනවා. 

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින්. 
 
පසුගිය වසරේදී එක්දින පිටියේ ඇය දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගිනිමින් මෙම නම් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. 
 
ඒ අනුව 2023 වසරේදී එක්දින තරග 08කට සහභාගී වී ලකුණු 415ක් රැස් කර ගැනීමට ඇය සමත් වී තිබෙනවා.
(colombotimes.lk)