මධ්‍යම පළාතේ සියලු පාසල් අද (19) සිට එළඹෙන සඳුදා දක්වා යළිත් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් සහ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් ඊයේ (18) සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වන විට මධ්‍යම පළාත තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
(colombotimes.lk)
