19 December 2025

logo

දසුන්ගේ T20 නායකත්වය ගැන විශේෂ තීරණයක්



2026 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු  සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රකාශ කළා. 

ඒ වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් පසු අද (19) ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ පෙර තේරීම් කමිටුව ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයන් 25ක සංචිතයක් නම් කර තිබූ බවත්, එම සංචිතය වෙනසක් නොකර බවයි. 

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන පාකිස්ථානයට එරෙහි සහ එංගලන්තයට එරෙහි විස්සයි විස්ස තරගාවලිවලදීද දසුන් ශානක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

ක්‍රීඩකයන් 25දෙනෙක්ගෙන් යුත් සංචිතය පහතින්, 

01. දසුන් ශානක
02. පැතුම් නිස්සංක 
03. කුසල් මෙන්ඩිස් 
04. කමිල් මිෂාර
05. කුසල් පෙරේරා
06. ධනංජය ද සිල්වා
07. නිරෝෂන් දික්වැල්ල 
08. ජනිත් ලියනගේ
09. චරිත් අසලංක
10. කමිඳු මෙන්ඩිස් 
11. පවන් රත්නායක
12. සහන් ආරච්චිගේ 
13. වනිඳු හසරංග 
14. දුනිත් වෙල්ලාලගේ 
15. මිලාන් රත්නායක 
16. නුවන් තුෂාර
17. ඒෂාන් මාලිංග
18. දුෂ්මන්ත චමීර
19. ප්‍රමෝද් මධුෂාන් 
20. මතීෂ පතිරණ 
21. ඩිල්ෂාන් මධුෂංක
22. මහීෂ් තීක්ෂ්ණ 
23. දුෂාන් හේමන්ත
24. විජයකාන්ත් වියස්කාන්ත්
25. ට්‍රැවීන් මැතිව්

(colombotimes.lk)