colombotimes.lk
සිංහල | English

09 May 2024

අස්වැසුම දෙවැනි අදියරට හැඳුනුම්පත අනිවාර්ය වෙයි



සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදි හැඳුනුම්පත අනිවාර්ය කර ඇති බවයි.

එකම පුද්ගලයා අයදුම්පත්‍ර කිහිපයක් ඉදිරිපත් කිරිම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි එහි සභාපති ජයන්ත විජේරත්න මහතා ප්‍රකාශ කළේ.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන මස 15 වැනිදා දක්වා අයදුම්පත් භාරගන්නා බවයි.
(colombotimes.lk)