23 May 2025


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පාකිස්ථානයට කොන්දේසි 11ක්



ඇමරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදල් අපේක්ෂාවෙන් සිටින පාකිස්ථානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නව කොන්දේසි 11ක් පනවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව කාර්ය මණ්ඩලය වාර්තාවට අනුව පාකිස්ථානය හා ඉන්දියාව අතර පවතින යුධමය වාතාවරණය තවදුරටත් පැවතීම මෙම පියාවර ගැනීමට හේතු වී ඇති බවයි.

නව කොන්දේසි අතරට රුපියල් ට්‍රිලියන 17.6ක නව අයවැයක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය, විදුලි බිල්පත් සඳහා ණය සේවා අධිභාරය වැඩි කිරීම සහ අවුරුදු 3කට වඩා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනය සඳහා ඇති සීමාවන් ඉවත් කිරීම ඇතුළත් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)