29 October 2025

logo

2026 ලංකාවේ ආර්ථික වර්ධනය ගැන IMF පැහැදිලි කරයි



එළඹෙන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1% දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. 

ඔවුන් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකා රජය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කළ පසුබිමක ආර්ථික වර්ධනයේ ශක්තිමත් ප්‍රකෘතියක් ඇති වූ බවයි.

එමෙන්ම පසුගිය වසරේ ආර්ථික වර්ධනය 5%ක් වූ අතර මෙම වසරේ පළමු භාගයේදී වර්ධනය 4.8%ක් ලෙස පෙන්නුම් කර තිබෙනවා. 
 
ඔවුන් සඳහන් කළේ මේ වන විට එම ශක්තිමත් ප්‍රකෘතියෙන් යම් ප්‍රමාණයක් සාමාන්‍යකරණය කිරීමක් පමණක් වූ අතර ආර්ථික ක්‍රියාකාරකම්වල මට්ටම අනුව ඇතැම් වර්ධනයන්හී බලපෑම තාවකාලික බවයි.
 
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.1%ක් වන අතර 2024 සහ 2025දී සැබවින්ම අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් ප්‍රකෘතිමත් වීමක් දැකිය හැකි බවද  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. 



(colombotimes.lk)