colombotimes.lk
සිංහල | English

17 October 2024


බන්ධනාගාරයේ සිටින ඉම්රාන් ඛාන්, AI තාක්ෂණයෙන් ජන රැලියක් අමතයි



පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, බන්ධනාගාරයේ සිටියදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයට ගනිමින් ජන රැලියක් අමතා තිබෙනවා.

ඉම්රාන් නියෝජනය කරන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයයි. 
 
‘තරීක් ඊ ඉන්සාෆ්’ පිහිටුවූයේ ද ඉම්රාන් ඛාන් විසින්. 
 
මිනිත්තු 4 ක වීඩියෝවක් හරහා ඉම්රාන් ජන රැලිය ඇමැතු අතර එම වීඩියෝවට ඇතුළත් ඉම්රාන්ගේ හඬ, බන්ධනාගාරයේ දී පටිගත කරන ලද්දක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
වීඩියෝ දසුන්වල සිටින ඉම්රාන්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් පරිගණක ඇසුරෙන් නිර්මාණය කර තිබෙනවා.
(colombotimes.lk)