27 February 2026

logo

ඉන්දියාවෙන් වාර්තාගත ඉනිමක් - ශ්‍රී ලංකා ලෝක වාර්තාව අවසන් මොහොතේ බේරෙයි



T20 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා.

ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙන තරගයේදීයි.

ඒ අනුව  මෙම තරගයේ පළමුව පපන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 256ක් රැස් කිරීමට සමත් වුණා.


මීට පෙර T20 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හිමි කරගෙන සිටියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින්.

ඒ පසුගියදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 254ක් රැස් කිරීමත් සමඟයි.

මේ සමඟින් 2007 වසරේදී කෙන්යා කණ්ඩායමට එරෙහිව ලකුණු 260ක් රැස් කරමින් ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු පුවරුවේ ශ්‍රී ලංකා වාර්තාව තවදුරටත් සුරැකී තිබෙනවා.

colombotimess.lk