06 February 2026

logo

ඉන්දු - පාකිස්ථාන තරගය ගැන ඉන්දියාවේ තීරණය එළියට



2026 ICC T20 ලෝක කුසලාන තරගාවලියේ පෙබරවාරි 15වනදා පැවැත්වීමට නියමිත ඉන්දු - පාකිස්ථාන තරගය සම්බන්ධයෙන් ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව් විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන මෙම තරගය පාකිස්ථාන කණ්ඩායම මඟහරින බව පාකිස්ථාන රජය පසුගියදා නිවේදනය කළා.

ඒ අනුව සූර්ය කුමාර් යාදෙව් සඳහන් කළේ තරගය පැවැත්වුවත් නැතත් සැලසුම් කළ පරිදි ඉන්දීය කණ්ඩායම කොළඹ බලා පැමිණෙන බවයි.

පාකිස්ථානය සමඟ ක්‍රීඩා කිරීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර නොමැති බවද ඔහු අවධාරණය කළා.

ඉන්දීය නායකයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය කණ්ඩායමේ ගුවන් ටිකට්පත් දැනටමත් වෙන්කර ඇති අතර ඔවුන් පැහැදිලි මානසිකත්වයකින් යුතුව තරඟාවලියට මුහුණ දීමට සූදානම් බවයි.

(colombotimes.lk)