01 March 2025


ජාත්‍ය­න්තර මත්ස්‍ය අප­න­ය­න­යෙන් ඉන්දි­යාව දෙවන තැනට



ජාත්‍ය­න්තර මත්ස්‍ය අප­න­ය­න­යෙන් ඉන්දි­යාව දෙවන ස්ථාන­යට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලෝක මත්ස්‍ය වෙළෙ­ඳ­පොළේ 8%ක සැප­යු­ම්ක­රු­වෙක් ලෙස ඉන්දි­යාව පසු­ගිය වස­රේදී මත්ස්‍ය අප­න­ය­න­යෙන් ඇමරිකානු ඩොලර් මිලි­යන 7000ක ආදා­ය­මක් ලබා ඇති බවයි.

එමෙන්ම ජාත්‍ය­න්තර මත්ස්‍ය අප­න­ය­න රට­වල් ලැයි­ස්තු­වට අනුව චීනය තව­දු­ර­ටත් පෙර­මුණේ පසු­වන අතර පසු­ගිය වස­රේදී ඉන්දි­යාව විසින් අප­න­ය­නය කළ ටොන් මිලි­යන 18.40ක මත්ස්‍ය නිෂ්පා­ද­න­යට සම­ගා­මීව චීනය ටොන් මිලි­යන 67.80ක මත්ස්‍ය නිෂ්පා­දන අප­න­ය­නය කර තිබෙනවා.

(colombotimes.lk)