පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලානයෙන් සිය කණ්ඩායම ඉවත් කර ගැනීමට ඉන්දීය දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබෙනවා.
ඒ මෙම තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමට පාකිස්ථානයේ සංචාරය කිරීමට ඉන්දීය රජය අනුමැතිය ලබා නොදීම හේතුවෙන්.
පන්දුවාර විස්සයි 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලානය හෙට (22) සිට දෙසැම්බර් 03 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)