31 May 2026

logo

භාරතයේ විජයග්‍රහණ හමුවේ බොඳ වූ නවසීලන්ත සිහිනය



2026 T20 ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම
මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැති අවසන් මහා තරගය ලකුණු 96කින් ජයග්‍රහණය කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20
අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස් කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කිරීමට හැකියාව
ලැබුණේ ලකුණු 159ක් රැස් කිරීමට පමණයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව දෙවන වරටත් T20 ක්‍රිකට් පිටියේ ලෝක ශූරයන් ලෙස යළිත් කිරුළු පැළදීමට සමත්වුණා.

මෙය වාර්තා අතරට එක්වුණේ ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළ තුන්වන T20 ලෝක කුසලානය ලෙසයි.

ඔවුන් මීට පෙර 2007 සහ 2024 වසරේදී T20 ලෝක ශූරතාවය දිනාගත්තා.

කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායමට මෙතෙක් ලෝක කුසලානයක පහස විද ගැනීමට නොහැකි වී තිබෙනවා.