06 February 2025


ඉන්දීය මහ කොමසාරිස් මහින්ද හමුවෙයි



ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුවී තිබෙනවා.

එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශවික සබඳතා පිළිබඳ අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ජා කර තිබෙනවා.

විශේෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂගේ පාලන කාලය තුළ ඉන්දියාව සමඟ පැවති සබඳතා පිළිබඳවද මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා සිහිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)