21 March 2025


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තායිලන්තයට



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තායිලන්ත සංචාරයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
එළඹෙන අප්‍රේල් 2 වනදා සිට 4 වනදා දක්වා තායිලන්තයේ බැංකොක්හි පැවැත්වෙන 6වන BIMSTEC සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එලෙස තායිලන්තයේ සංචාරය කරන බවයි වාර්තා වන්නේ.

එම සංචාරය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා ද එක්වීමට නියමිතව තිබෙනවා.

මෙහි අරමුණ වී ඇත්තේ 2030 වන විට 'PRO BIMSTEC' ලෙස හඳුන්වන සෞභාග්‍යමත් කලාපයක් සාක්ෂාත් කරගැනීමයි.

බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන සාමාජික රටවල් 07ක් සමඟ දකුණු සහ අග්නිදිග ආසියාව අතර කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීමද මෙහි අරමුණ වී තිබෙනවා.

(colombotimes.lk)