20 May 2026

logo

ඉන්දීය උප ජනාධිපති නුවරඑළියට



ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් අද (20) පෙරවරුවේ නුවරඑළියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා.
 
ඉන්දීය සම්භවයක් සහිත වතු දෙමළ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු නිරීක්ෂණ කිරීම සඳහා ඔහු මෙලෙස එක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.  

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනපති, ඊයේ (19) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියද හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. 

(colombotimes.lk)