20 May 2026

logo

ඉන්දීය උප ජනාධිපති දිවයිනෙන් පිටව යයි



ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් සිය දෙදින නිල සංචාරය නිම කරමින් අද (20) පස්වරුවේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. 

මෙය ඉන්දීය උප ජනාධිපතිවරයෙක් ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රථම නිල සංචාරය ලෙස ඉතිහාස ගත වන බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබෙනවා. 

(colombotimes.lk)