මෙරට මුහුදේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 32ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නාවික හමුදාව ඊයේ (22) රාත්‍රියේ මන්නාරම මුහුදේ කළ සෝදිසි මෙහෙයුම්වලදීයි.
එහිදී ඔවුන් පැමිණි බෝට්ටු 5ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ධීවරයන් පිරිස තලෙයිමන්නාරම ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදීමට නියමිතයි.
(colombotimes.lk)