23 February 2025


නායයෑම නිසා අවතැන් වූ පිරිස් සඳහා නිවාස ඉදිකිරීම මාර්තු 15වනදා ඇරඹෙයි



නායයෑම හේතුවෙන් අවතැන් වූ පිරිස් සඳහා නිවාස ඉදිකිරීම මාර්තු 15වනදා සිට ආරම්භ කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කළා.

ඒ නායයෑම හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සහ එහි ප්‍රගතිය පිළිබඳව සොයාබැලීම වෙනුවෙන් පැවති රැස්වීමකදීයි.

නායයෑම හේතුවෙන් වසර ගණනාවක් කඳවුරුවල පදිංචිව සිටින පූනාගල කබරගල කොටසේ නිවාස 51ක් ඉදිකිරීම සඳහා මේ වන විට ඉඩම් හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජනතාවට එම ඉඩම් කොටස් ලබාදී ඔවුන්ගේ ශ්‍රමදායකත්වයද ලබා ගනිමින්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ හා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ යුධ හමුදාව මඟින් එම නිවාස ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මාර්තු 15වනදා නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
 
(colombotimes.lk)