මහජන බැංකුවේ 'People's Remittance වාසි කෝටියයි 2024' දිනුම් ඇදීමේ රුපියල් 2,000,000ක් හිමි සුපිරි ජයග්‍රාහකයා තෝරා ගැනීමේ මහා දිනුම් ඇදීම පසුගියදා පැවැත්වුණා.
ඒ කොළඹ 10 මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශයේදීයි.
මෙහිදී නොවැම්බර් සහ දෙසැම්බර් මාසික ජයග්‍රාහකයන් මෙන්ම නොවැම්බර් 18 සිට දෙසැම්බර් 31වනදා දක්වා සතිපතා ජයග්‍රාහකයන්ද තෝරා ගෙන තිබෙනවා.
එම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, මූල්‍ය ප්‍රධානි අසාම් .ඒ. අහමඩ් ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරි ඊ. ඒ. එම්. දිසානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි (එතෙර ගනුදෙනු සේවා) බුද්ධික රණතුංගගේ, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනි (එතෙර ගනුදෙනු සේවා) තිළිණි පෙරේරා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (තොරතුරු තාක්ෂණ) විපුල වර්ණකුල සහ බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිනි ශ්‍රීයානි නාපාගොඩ යන මහත්ම මහත්මින්ද සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)