ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 3දෙනෙක් රැඳවුම් නියෝග මත පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.
ගණේමුල්ල සංජීව ඝාතනය සිදුකළ වෙඩික්කරු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සහ ගිනිඅවිය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අද දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල හමුවට ඉදිරිපත් කළා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පොලීසියට අවසර දී තිබෙනවා.
එමෙන්ම එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
(colombotimes.lk)