ඉන්දියාවේදී නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා.
ශ්‍රී ලංකාව මෙහිදී රන් 16ක්, රිදී 14ක් හා ලෝකඩ 10ක් සමඟින් පදක්කම් 40ක් දිනාගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
රන් පදක්කම් 20ක් දිනූ ඉන්දියාවට පදක්කම් සටහනේ පෙරමුණ හිමි වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් රිදී පදක්කම් 20ක් හා ලෝකඩ පදක්කම් 18ක්ද දිනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හැර වෙනත් කිසිදු රටකට රන් පදක්කමක් දිනාගැනීමට නොහැකිවීමද විශේෂත්වයක්.
මෙම තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට ආසන්න පිරිසක් සහභාගී වී තිබෙනවා.
මෙහිදී සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව භූතානය, නේපාලය, මාලදිවයින සහ බංගලාදේශය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගවැද තිබෙනවා.
(colombotimes.lk)
